Sunday, May 5, 2024

General line - 0115112241

හංවැල්ලේ වෙඩි තැබිමක්: පුද්ගලයින් දෙදෙනෙකු මරුට

දිනුක් හේවාවිතාරණ




හංවැල්ල, රෝමානු කතෝලීක පාසල අසල සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ 22 හැවිරිදි රියදුරු බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇති පුද්ගලයින් දෙදෙනා හංවැල්ල, රෝමානු කතෝලික පාසල අසල පිහිටි නිවසේ සිටියදි පැමිණි නාදුනන තුවක්කුකරුවෙක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.