Sunday, May 5, 2024

General line - 0115112241

ඝාතනයට ලක් වූ දෙදෙනාගෙන් එක් අයෙක් ව්‍යාපාරිකයෙක්




හංවැල්ල පොලිස් වසමේ අංක 463, පහත්ගම හංවැල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (25) රාත්‍රි 9.30ත් 10.00ත් අතර කාලයේදී මුහුණු ආවරණය කරන ලද හෙල්මට් පැළඳ පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මිය ගිය එක් අයෙකු ව්‍යාපාරිකයෙකු බව පොලිසිය අනාවරණය කළා.

ඔහු වාද්දුවගේ විජිත් ප්‍රේමලාල් නොහොත් සුමේද නැමැති වයස අවුරුදු 43ක් වන එම නිවසේ පදිංචි පුද්ගලයෙක්.

වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් අනෙක් පුද්ගලයා මුරුත්තෙට්ටුව ගමලජ්ජලාගේ රවිදු නැමැති වයස අවුරුදු 32ක් වූ අංක 243, පාසල් මාවත ගලගෙදර පාදුක්ක යන ලිපිනයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනයන් කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනම් කර තිබෙනවා.