Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පරදවා නවසීලන්තය ටෙස්ට් ජයක් ලබයි

ඩිල්ෂාන් මඩවල




ශ්‍රී ලංකාව සමග කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්තය අද (26) සමත් වුණා. පළමු ඉනිම අවසන් කෙරුණේ නවසීලන්තය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් සිටිමින්.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 187 ලබා ගතයුතු වුණා. එහෙත් සියළු දෙනා දැවී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 122ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ලබා ගනිමින් සටන්කාමී පිතිහරබයක නිරත වුණා. එහෙත් ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමට එය ප්‍රමාණවත් වුයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 244කට සීමා වුණා. නවසීලන්ත පළමු ඉනිම කඩුළු 06ක් දැවී ලකුණු 431කයි. තරගයේ වීරයා ලෙස නවසීලන්ත කණ්ඩායමේ ටොම් ලැතම් සම්මාන දිනා ගත්තා. 

දෙපිළ අතර ගාල්ලේ පැවති තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව තරග දෙකකින් යුත් තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන් නිමා වුණා.