Sunday, May 5, 2024

General line - 0115112241

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 05 වෙනිදා ඇරඹේ

කසුන් කැලුම්




වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවයි. 

A කාණ්ඩයෙන් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ කුවේටය තරග වදිනවා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය B  කාණ්ඩයෙන් තරග වදිනු ඇති. මෙම කණ්ඩායම් ලබන 03 වනදා ශ්‍රී  ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. 

තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් මස 05 වනදා කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ කුවේට් වයස අවුරුදු 
19 න් පහළ කණ්ඩායම් අතරයි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගී වන පළමු තරගය නේපාලයට එරෙහිව සැප්තැම්බර් මස 06 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 

මෙවර වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබා දෙන්නේ නිපුන් ධනංජයයි.