Saturday, May 4, 2024

General line - 0115112241

අනාගතයේ රට භාරදිය යුත්තේ කාටදැයි අගමැති රනිල්ගෙන් ඉගියක්

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ/සජිත් තිලකරත්න




රට ජාතිය බේරා ගැනීමට නම් අපනයන ආර්ථිකයක් ඇති කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අනාගතය බාරදිය යුත්තේද අපනයන ආර්ථිකයක් පිළිබද දැක්මක් ඇති අයට බවයි අග‍්‍රාමාත්‍යවරයා  පෙන්වා දෙන්නේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පල කලේ කොළඹ අද පැවති උත්සවයක් අමතමින්.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ නුගසෙවන පරිශ‍්‍රයේ පැවති ‘‘බතික් ලංකා ප‍්‍රදර්ශනය’’ විවෘත කිරීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබුණා.

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය හමුවක් කැදවමින් රටේ ආර්ථිකය පිළිබද කරුණු දැක්වූවා.

ඒ, ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකි වු බව පෙන්වා දෙමින්.

මෙම වසරේදී රජය ගෙවු ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියනයක් ද ඉක්මවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.