Saturday, May 4, 2024

General line - 0115112241

ඓතිහාසික පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රීක ආරක්ෂාවක්

කසුන් කැලුම්





ලබන මස අගදී පාකිස්තානයේ ඓතිහාසික තරග සංචාරයක නිරත වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ලබාදීමට පාකිස්තාන ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. 

ශී‍්‍ර ලංකා කිි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ තමන් සහ කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක උපදේශක මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඉකුත්දා එරට ආරක්ෂාව පිළිබද සොයා බැලීම සදහා පාකිස්තානයේ සංචාරයකද නිරත වූ බවයි. එහිදී පාකිස්තාන රජය , ආරක්ෂක අංශ සහ එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ලබා දෙන බවට සහතික වූ බවයි ශී‍්‍ර ලංකා කිි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා පැවසුවේ. 

ඒ අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල නතර වී සිටින හෝටලයට සහ පුහුණුවීම් සිදුකරන කී‍්‍රඩාංගණවලටද විශේෂ ආරක්ෂාවක් යෙදවෙනු ඇති. හෝටලයේ සිට කී‍්‍රඩාංගණය දක්වා පැමිණෙන කී‍්‍රඩකයින් ගමන් ගන්නා බස් රථයටද විශේෂ ආරක්ෂාවක් යෙදවීමටයි එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ. 

ඉකුත් මාර්තු මාසයේ පැවති පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපයක්ද විදෙස් කී‍්‍රඩකයින්ගේද සහභාගිත්වයෙන් පාකිස්තානයේදී පැවැති අතර එහිදීද මෙවැනි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර තිබුණා. 

2009 මාර්තු මස 03 වනදා ශී‍්‍ර ලංකා පිලට ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මේ දක්වා පාකිස්තානයේදී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පවත්වා නැහැ. කෙසේවෙතත් 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් මැද පාකිස්තානයේදී එක්දින තරගාවලියක් සදහා සහභාගි වුණා. අනතුරුව 2017 වසරේදී පාකිස්තානයේ දී ලෝක කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ප‍්‍රදර්ශනාත්මක පන්දුවාර විස්ස තරග 3ක් ද පැවැත්වුණේ එරට ආරක්ෂිත රටක් බවට පසක් කරමින්. 

තිසර පෙරේරාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ද ඉකුත් 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ලාහෝර් නුවරදී පන්දුවාර විස්සයි විස්ස තරගයකට එක් වුණා. මෙවර පාකිස්තාන තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස තරග 3කට සහභාගිවීමට නියමිතයි. පළමු එක්දින තරගය සැප්තැම්බර් මස 27 වනදා කරච්චි නුවර ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.