Monday, May 6, 2024

General line - 0115112241

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන්න : මැතිවරණ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

දිනුක් හේවාවිතාරණ




ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) මැතිවරණ කොමිසමට නියම කරනු ලැබුවා.

ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ විසින් එම මැතිවරණයට අදාලව ගොනු කරනා ලද නාම යෝජනා පත්‍රය පිලිගන්නා ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කර සිටියා.

පැවති ප්‍රාදේශිය සභා මැතිවරණයට තමන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට අදාල පෙත්සම් විභාගය අවසන් වනතුරු ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වන ලෙස දන්වා මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සිදුකල දිර්ඝ පෙත්සම් විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද මෙම නියෝගය ලබා දෙනු ලැබුවා.

ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනා මෙම පෙත්සම් විභාගය සිදුකරනු ලැබුවා.