Sunday, May 5, 2024

General line - 0115112241

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙක් 

දිනුක් හේවාවිතාරණ / සිතාරා අතුකෝරල




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් කර තිබෙනවා.

එලෙස පත් කර ඇත්තේ‍ ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රිවරුන් දෙදෙනායි.

ඊයේ (29) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹදී හෙට (31) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සම්මේලනය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද එම පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කොකිලා ගුණවර්ධන. 

මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රා මංතිලක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තොරා ගත නොහැකිව අර්බුදයකට මුහුණ දී සිටියදී සිය පක්ෂය තවදුරටත් ශක්තිමත් වෙමින් ඇති බවයි.