Sunday, May 5, 2024

General line - 0115112241

වෙන්නප්පුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය සහ සොහොයුරිය යළි රිමාන්ඩ්

දිනුක් හේවාවිතාරණ




වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි සැප්තැම්බර් මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.

‍අත්අඩංගුවට පත් සැකකාරියන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පසුගිය අගෝස්තු මස 19 වන දා සවස මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරිමේ දී එම අවස්ථාවේ දී ‍යතුරුපැදියේ පැදිකාරිය සතුව රියදුරු බලපත්‍රය හා අනෙක් බලපත්‍ර තිබී නොමැත.

එම අවස්ථාවේ දී යතුරුපැදිකාරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වු සහෝරිය, තවත් සහෝදරියක් හා පියා එම ස්ථානයට යතුරුපැදියකින් හා වෑන් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් බාරයේ සිටි සැකකාරිය හා යතුරුපැදීය රැගෙන යෑමට උත්සහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී එම අවස්ථාව රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් වීඩියෝ ගත කර ඇත.

පොලිස් නිලධාරීන් විසින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය හා පසුව ආ යතුරුපැදිය පොලිස් බාරයට ගෙන තිබේ. පසුව සැකකාරිය හා එම ස්ථානයට පැමිණි පිරිස වෑන් රථයකින් පලා‍ ගොස් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට වීඩියෝ පටයක් ද සමඟ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 21 වෙනදා අත්අඩංගුවට අගේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියේ.