Sunday, May 5, 2024

General line - 0115112241

පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ




පේදුරුතුඩුව ධීවර වරයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදි කෙරෙන විශාලතම ධීවර වරාය වන පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් වෙනුවෙන් ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 12600ක්.

විශාල ප්‍රමාණයේ බහුදින යාත්‍රා 300කට එකවර පහසුකම් සැපයීමට හැකි මෙම වරාය හෙක්ටයාර 7යි දශම එකක වපසරියකින් සමන්විත වනවා. එම වරායේ දිය කඩනයන් පිළිවෙලින් මීටර් 880කින් හා මීටර් 480ක දිගින් යුක්තයි.