Thursday, May 16, 2024

General line - 0115112241

මිනිස් අස්ථි කොටස් කිහිපයක් සමග රියදුරු බලපත්‍රයක් හමුවෙයි (PHOTOS)

ඉන්දික අරුණ කුමාර




මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබී මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් ඊයේ (01) හමුවු බව නාඋල පොලිසිය පැවසුවා.

ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව නාඋල පොලිස් නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරික්ෂා කිරිමේ දී අස්ථි කොටස් තුනක්,  කලිසමක හා කමිසයක යැයි සැක සිතිය හැකි ඇදුම් කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

එම ස්ථානයට මීටර් සියයක් පමණ දුරින් රියදුරු බලපත්‍රයක් හා ජාතික හැදුනුම්පතක්ද එම හැදුනුම්පත් බාහාලන ප්ලාස්ටික් කවරයක් ද හමුවී ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් කියා සිටියේ හැදුනුම්පත අයිති පුද්ගලයා කලක සිට ගමේ නොසිටි පුද්ගලයෙකු බවයි. ප්‍රදේශයේ රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇති එම පුද්ගලයා කලක සිට ප්‍රදේශයේ දක්නට නොලැබුනු බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.