Friday, May 10, 2024

General line - 0115112241

ඇල්පිටියේ ඡන්ද ව්‍යාපාරය සජිත්ට දීලා බලන්න - එජාපයට අභියෝගයක්

කසුන් කැලුම්




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම හැකිනම් එක්සත් ජාතික පක්ෂය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට භාර දෙන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම අභියෝගයක් එල්ල කළා.

ඒ, මාතර දෙයියන්දර ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්.

එහිදී "මේක හොඳ පරීක්ෂණයක්.. මේ රටේ බලය කොතනද තියෙන්නේ..කාටද මිනිස්සු ආදරය කරන්නේ..කාවද මිනිස්සු පිළිකුල් කරන්නේ..කියලා දැන ගන්න. දැන් කියනවා නේ ජනප්‍රියම කෙනා සජිත් ප්‍රේමදාස කියලා.. රටම ඉල්ලනවා කියනවා නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇල්පිටියේ මැතිවරණ ව්‍යාපාරය භාර දෙන්න. රටේම මිනිසුන්ට මොකක්ද ජනමතය කියලා බලාගන්න දෙන්න." යනුවෙන්ද සඳහන් කළා.