Thursday, May 16, 2024

General line - 0115112241

ඇල්පිටිය තැපැල් ඡන්ද පත‍්‍රිකා භාරගැනීමට දින නියම වෙයි

දිල්ශාන් තුෂාර




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13 වැනිදායින් අවසන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අයදුම්පත් එදිනට පෙර භාර දෙන ලෙසයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ නොකරන බවද මෙහිදී අවධාරණය කෙරුණා. 

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

ඡන්ද විමසීම ලබන ඔක්තෝබර් 11 වැනි දා පැවැත්වෙන බවට වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) පස්වරුවේ නිකුත් කෙරුණා. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළා.