Thursday, May 16, 2024

General line - 0115112241

කුඩු රොෂාන් ඇතුළු 07ක් STF අත්අඩංගුවට 

දිනුක් හේවාවිතාරණ




ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පාතාල සාමාජිකයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් ද සිටින බවයි.