Friday, May 10, 2024

General line - 0115112241

වැලිකන්ද රජයේ ගොවිපලක නිලධාරියෙක් වෙඩි තබා ගනියි 




ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වැලිකන්ද, සිංහපුර පිහිටි ගොවිපලේ ඉඩම් සංවර්ධන සහකාර කළමණාකාරවරයා අද (05) උදැසන 08.00 ට පමණ ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද, කන්දකාඩු අංක 143 ලිපිනයේ පදිංචි 47 වියැති සිවු දරු පියෙකු වන පුංචි මුදියන්සලාගේ ධර්මරත්න යන අය බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

ගොවිපලේ පිහිටි නිල නිවසක් තුලදී රජයෙන් ලබාදී ඇති බෝර 12 වර්ගයේ ගිනි අවියකින් ඔහු මෙලෙස වෙඩි තබා ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.