Sunday, May 5, 2024

General line - 0115112241

ඇල්පිටියේ බස් රථයක වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට




ඇල්පිටිය අටකොහොටේ බෝගහවංගුව අසලදී ලංගම බස් රථයක ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද පෙරවරුවේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

එම බස්රථයේම ගමන් කළ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. අලූත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන්ගත් ලංගම බස්රථයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලීසිය පැවසුවේ. 

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලීසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.