Sunday, May 5, 2024

General line - 0115112241

ජනපතිවරණයේ සහය දෙන්න මුස්ලිම් කොංග්‍රසයෙන් කොන්දේසියක්

ලහිරු කපුගේ




උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට එරෙහි වන ලෙස තමන් ජනාධිපති ධූර අපේක්ෂකයන්ට කොන්දේසියක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එච් එම් එම් හාරිස් පවසනවා. 

ඊට එකගවන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු සඳහා සහය පළ කිරීමට මුස්ලිම් කොංග‍්‍රසයේ ද අවධානය යොමුව ඇති බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ. 

ජනාධිපතිවරණය සඳහා දින වකවානු නිවේදනයක කළ පසු මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගන්නා බවයි මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ.