Sunday, May 5, 2024

General line - 0115112241

ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමයි




තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීමට පී‍්‍රමා සමාගම තීරණය කර තිබෙනවා. 

ඒ අනුව තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දමන ලෙසයි එම සමාගමේ පාලනාධිකාරිය විසින් දිවයිනේ සියලූ පී‍්‍රමා පිටි අලෙවි නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතුව එම සමාගම විසින් මෙතෙක් ප‍්‍රකාශ කර නැහැ. එම සමාගම මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දමා ඇත්තේ පාරිභෝගික අධිකාරිය විසින් රුපියල් 87 සිට රුපියල් 97 දක්වා පාලන මිලකට තිරිඟු පිටි අලෙවි කරන ලෙසට දන්වා ඇති පසුබිමක් තුළයි.