Sunday, May 5, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ අවුලට වගකිව යුත්තේ කථානායක සහ පක්ෂ නායකයන්

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාමට තරම් ප‍්‍රමාණවත් මන්තී‍්‍රවරුන් පිරිසක් සහභාගි කරවා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් කතානායකවරයා සහ පක්‍ෂ නායකවරුන් වගකිව යුතු බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ වගකිවයුතු පාර්ශව එක්ව මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේ මුඛ්‍ය අරමුණ වන නීති ප‍්‍රතිපත්ති සම්පාදනයට නිසි දායකත්වයක් නොදක්වන මන්තී‍්‍රවරුන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කර එවීම සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ද යළි සිතා බැලිය යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.