Sunday, May 5, 2024

General line - 0115112241

අපි ඉදලා තියෙන්නේ සර්පයින් එක්ක : අමාත්‍ය කිරිඇල්ල ගෙන් කබීර්ට ප්‍රහාරයක්

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායකයින් අතර ඊයේ (06) පැවති සාකච්ඡාවේදි අමාත්‍ය කබීර් හෂීම් සමග ඇති වූ බහින්බස්වීම සම්බන්ධයෙන්ද නෙත් නිවුස් අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීමක් කළා. තමන්ට ඛනිජ තෙල්  අමාත්‍යාංශය ලබාදීම සදහා ජනාධිපතිවරයා කළ දැනුම්දීමක් අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ. කෙසේවෙතත් අමාත්‍ය කබීර් හෂීම් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් තමන්ට එම අමාත්‍යාංශය නොලැබුණු බවද අමාත්‍යවරයා පැවසුවා. 

එය පක්‍ෂ නායකයාට විරෝධය දැක්වීමක් බවත් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් ස්වාධීනව කටයුතු කළයුතු බවත් තමන් එහිදී පැවසූ බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල සදහන් කළා. එමෙන්ම තම කණ්ඩායමේ සර්පයන් සිටින බවට තමන් කිසිසේත් විශ්වාස නොකළ බවද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල නෙත් නිවුස් කළ කරුණු විමසීමේදී වැඩිදුරටත් කියාසිටියා. 

එමෙන්ම තමන්ට එම අමාත්‍යාංශය ලබාදීමට ජනාධිපතිවරයා එකඟවීම සම්බන්ධයෙන් තමන් එතුමාට ස්තුතිවන්ත බවද මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.