Sunday, May 5, 2024

General line - 0115112241

සජිත් ඉල්ලා එජාප පළාත් පාලන නියෝජිතයින් යෝජනාවක් සම්මත කරගනී - හරීන්ගෙන් අගමැතිට ඉල්ලීමක්

සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට එම පක්ෂ පළාත් පාලන නියෝජිතයින් අද යෝජනාවක් සම්මත කරගත්තා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (07) පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිත සමුලුවේදීයි. 

මෙම සමුලුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ද එක්ව සිටීම විශේෂත්වයක්. මෙම සමුලුව අමතමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍යවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියට තැබූ අඩිය කිසි සේත් ආපස්සට ගන්නේ නැති බවයි. අද ජනතාව ඉල්ලනවානම්, රට ඉල්ලනවානම් මටත් අයිතියක් තියෙනවා. මම ඔබතුමාගෙන් වැද නමස්කාර කරලා ඉල්ලනවා. ඒ මේ අවස්ථාව පක්ෂයට ලබා දෙන්න කියලා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා 1994 දී දේශපාලනයට ආවේ. එතුමාට දේශපාලනයේ අවුරුදු 25ක පරිණතයි. අගමැතිවරයා වගේම කරු ජයසුරිය ප්‍රමුඛ සියලු දෙනා එක්ව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා හැටියට නම් කරන කම් අපි මේ අරගලය දිගටම කරන් යනවා යැයි ප්‍රකාශ කර සිටියා.

මෙම සමුලුව අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙලෙස අදහස් පළ කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

 

.......................................................................................

එජාප පළාත් පාලන නියෝජිත සමුලුව ඇමති සජිත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

(07-09-2019 18:32)

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ගේ සමුලුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. ඒ, එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද එම සමුලුවට එක්ව සිටිනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් එම සමුලුව සංවිධානය කර තිබෙනවා.