Thursday, May 16, 2024

General line - 0115112241

නව පාසල් ගොඩනැගිලි 500ක් අද සිසු අයිතියට

තරංග රුක්ෂාන්




අධ්‍යාපන අමාත්‍යංශය මගින් කි‍්‍රයාත්මක ‘‘ළඟම පාසල හොඳම පාසල’’ වැඩසටහනේ 03වන අදියර යටතේ නව පාසල් ගොඩනැගිලි 500ක් අද (09) සිසු අයිතියට පත් කෙරෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  ප‍්‍රධානත්වයෙන්.

නව පාසල් ගොඩනැගිලි 500 ය, ඉදිකිරීම සඳහා අයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක්.

ග‍්‍රාමීය පාසල් සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ ආරම්භ කළ ‘‘ළඟම පාසල හොඳම පාසල’’ වැඩසටහන යටතේ ව්‍යාපෘති 18, 000කදී පාසල් 9,064 ක් සංවර්ධන කෙරෙනවා. සමස්ථ වැඩසටහන සඳහා සිදු කෙරෙන මුළු ආයෝජනය රුපියල් මිලියන 65, 000 ක්.