Thursday, May 16, 2024

General line - 0115112241

පොලිසියට අවශ්‍ය කර සිටි ලැයිස්තු ගත අපරාධකරුවන් දෙදෙනෙක් කොටු




හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සහෝදරයින් දෙදෙනෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් කඩවත, කිරිබත්ගොඩ සහ වත්තල යන ප‍්‍රදේශවල සිදුකළ දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා යුද හමුදාවෙන් පැනගිය සහ පොලිසියට අවශ්‍ය කර සිටි ලැයිස්තු ගත අපරාධකරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුවන් දෙදෙනා නිවාස බිඳ දේපළ සොරා ගැනිමේ සිද්ධීන් 15කට පමණ සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා. ඔවුන් සොරකම් කළ රුපියල් ලක්ෂ 17කට ආසන්න රන් ආභරණ සහ රුපියල් ලක්ෂ හතරහමාරක මුදල් ද සිය භාරයට ගත්බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ අංක 5 මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (09) ඉදිරිපත් කිරීමට නියමිතයි.