පසුගිය දිනෙක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ පෙළපාළිවල ගමන් කළ යුතු ආකාරයයි.
තමා ද පෙළපාළි ගොස් ඇතත් ඩොල්කි ගසමින් නටමින් කිසිම අවස්ථාවක ඊට සහභාගී නොවූ බව අමාත්‍යවරයා පැවසුවා.
‘‘අපිත් පෙළපාලි ගියා හැම අඩියක්ම ඇවිද්දා කිසිම වාහනයක නැග්ගෙත් නෑ අපි නම් ඩාන්ස් කරෙත් නෑ අපි හොදට සටන් පාඨ කියමින් ආණ්ඩු විරෝධය කුලුගන්වන විදියට තමයි ඒවා ක්‍රියාත්මක කලේ.මම නම් කිසිම වෙලාවක ඩොලැක්කි අරගෙන නට නට පාරවල් දිගේ නෑ සාමාන්‍යයෙන් දේශපාලන නායකයෝ විදියට සටන් පාඨ කියමින් යනවා මිසක ඒ ක්‍රියාදාමය අපි ක්‍රියාත්මක කරන්නේ නෑ‘
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
කෙසේ වෙතත් 2014 වසරේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි පෙළපාලියේදී ඔහු බෙර ගසමින් පොලු හරඹ කරමින් පෙළපාලියේ යන අයුරු දැක්වුනේ මෙසේයි.