Saturday, April 27, 2024

General line - 0115112241

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්




නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් පානදුගම ප්‍රදේශයට බලපෑ සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. පානදුගම ජල මිනුම් ඒකකයේ මහා ගංවතුර මට්ටම මීටර් 6.5 ක් වන අතර එය මීටර් 6.64 ක් දක්වා වැඩි වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මාතර, කඩවත්සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, පිටබැද්දර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාව මේ පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඌරව ප්‍රදේශයට බලපෑ සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට අඩු වෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.