Sunday, April 28, 2024

General line - 0115112241

අධික වැසි හේතුවෙන් ගාල්ල - බද්දේගම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

ලලිත් චාමින්ද - ගාල්ල




ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගාල්ල, බද්දේගම ප්‍රධාන මාර්ගය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක අතුරු මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ පෝද්දල හංදිය ආසන්න මාර්ගයද, ජලයෙන් යටවී ඇති බවයි.

මීට අමතරව නාරාවල, කොහොඹලාදෙණිය, සිට්‍රස් හංදිය ප්‍රදේශය ද, ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 10ක් පමණ ජලයෙන් යටවී ඇති බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළා.