Saturday, January 11, 2025

General line - 0115112241

කලු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම ගැන අනතුරු ඇගවීමක් (PHOTOS)




පවතින වැසි සමග නිල්වලා ගගේ ජල මට්ටම පනාදුගම ප්‍රදේශයෙන්, ඉහළ යමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම ප්‍රදේශයෙන් නිල්වලා ගඟ පවතින්නේ ගංවතුර තත්ත්වයක බවයි.

ඒ අනුව මාතර කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස හා පිටබැද්දර යන ප්‍රදේශවල ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුයි. 

මීට අමතරව ගිං ගඟ තවලම ප්‍රදේශයෙන්ද, කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද ජල මට්ටම වැඩිවෙමින් ඇති බව ප්‍රකාශ කෙරුණා.