Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්තානයට යයි

කසුන් කැලුම්




පාකිස්තාන තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත්ව යනවා.

ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමිව ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

මෙම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබෙනවා. පාකිස්තානු තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන ආරක්‍ෂාවක් ලබාදෙන බවයි පාකිස්තාන රජය ප‍්‍රකාශ කළේ. ශී‍්‍ර ලංකා - පාකිස්තාන පළමු එක්දින කි‍්‍රකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතයි.