Sunday, April 28, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දයට දින නියම කරයි




ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව, ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දින ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා නොවැම්බර් මස පළමු වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබෙනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 වන දින දක්වා සිදුකිරීමට නියමිතයි.