Sunday, April 28, 2024

General line - 0115112241

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අනිද්දාට කල් යයි

හේමන්ත කහවලගේ/කසුන් කැළුම්




එක්සත් ජාතික පක්‍ෂය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අනිද්දා (26)  දක්වා කල් දමා තිබෙනවා. එම රැස්වීම සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී හෙට (25) දිනයේ පැවත්වීමට නියමිතව තිබුණා. ඒ අනුව ජනාධිපති ධුර  අපේක්‍ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අනිද්දා එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනු ඇති.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) රාති‍්‍රයේ පැවැත්වුණා.

ඒ, කථානායකවරයාගේ නිල නිවසේදීයි. පැය 2 කට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ සාකච්ඡාව බොහොම සුහදව සිදු වූ බවත්. ඉදිරි දින කිහිපයේදී ස්ථීර තීන්දුවක් ලැබෙන බවයි.