Monday, May 6, 2024

General line - 0115112241

SLT Speedup පාපැදී සවාරියේ දෙවන දිනය අද




ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හා එකම Broadband ජාලය සතු ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිව්වන වරටත් සංවිධානය කරන ලද SLT Speedup සවාරියේ දෙවන දිනය අද (25) අවසන් වුණා.

පාපැදි සාවාරියේ ආරම්භය ඊයේ (24) ගාලූ මුවදොර පිටියෙන් සිදුවූ අතර එම අවස්ථාවට SLT සමූහයේ සභාපති  P.G. කුමාරසිංහ සිරිසේන  , ශ‍්‍රී ලංකා ටෙලිකොම් විධායක නිලධාරි කිත්ති පෙරේරා , ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී ප‍්‍රියන්ත ෆනැන්ඩස් , ප‍්‍රධාන අලෙවිකරණ නිලධාරි ප‍්‍රභාත් දහනායක  හා ශ‍්‍රී ලංකා පාපැදීකරුවන්ගේ සංගමයේ සභාපති එන්.කරුණාරත්න ඇතුලූ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.

පාපැදි සවාරියේ දෙවන දිනයේ තරගය අද උදෑසන ඇඹිලිපිටියේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය ඉදිරියෙන් ආරම්භ කරන ලද්දේ SLT නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජය කුමාර විසිනි.තරගය හම්බන්තොට, තණමල්විල, වැල්ලවාය පසුකරමින් කිලෝමීටර් 156ක දුරක් ගෙවා බණ්ඩාරවෙලට ලඟා වුණා.

ප‍්‍රථම දින තරගයේ පෙරමුණ ගත් සහ තැන්නේ ශූරයා වූ නාවික හමුදා වේචාමික සදුන් කුමාර, හොදම තරුණ ක්‍රීඩකයා වූ වරාය අධිකාරියේ චමෝද් ද සිල්වා සහ හොදම කදු තරණය කරන්නා ලෙස තේරී පත්වූ වරාය අධිකාරියේ විරාන් රමේෂ් ලංකා ටෙලිකොම් ආයතනය විසින් ප්‍රධානය කරන ලද වර්ණිත ජර්සි වලින් සැරසී දෙවන දිනයේ තරග වැදුණි.

SLT Speedup පාපැදි සවාරියේ දෙවන අදියරයේ ජයග‍්‍රාහකයා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සුජිත් හසන්ත වූ අතර දෙවන හා තෙවන ස්ථානයන් පිලිවෙලින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ චමෝද් ද සිල්වා හා ශ‍්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමෙි ජනක හේමන්ත විසින් දිනා ගන්නා ලදී.

පාපැදී සවාරියේ තෙවන දිනය හෙට උදැසන 9 ට බණ්ඩාරවෙලින් ආරම්භ වී  නුවරඑළිය පසුකර නුවර හරහා කුරුණෑගලට ළඟා වීමට නියමිතය.