ජාත්‍යන්තර පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු අද (29) වාර්තා පොත් අතරට එක් වුණා. ඒ, සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග සිඞ්නිහිදී අද පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේදීයි. එම තරගයේදී චමරි අතපත්තු පන්දු 66 කදි හයේ පහර 6 ක් සහ හතරේ පහර 12 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 113 ක්. කෙසේවෙතත් මෙම තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කළේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්සේදී ලබාගත හැකිවූයේ ලකුණු 176 ක් පමණයි.