Saturday, May 4, 2024

General line - 0115112241

SLT Speed Up පාපැදි සවාරියේ ජයග්‍රහණය නාවික හමුදාවට 




ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පවත්වනු ලබන මෙරට දීර්ඝතම රට හරහා දිවෙන පාපැදි සවාරිය සැප්තැම්බර් 28 වැනිදා දඹුල්ලේදී නිමාවට පත්විය. පුරා දින 5ක් ක්‍රියාත්මකවූ මෙම තරගාවලියේ සමස්ත ශූරයා බවට පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක ත්‍යාග මුදලටද හිමිකම්කීය. ඒ සමගින් "Speed Up" සවාරියේ ඉතිහාසයේ දෙවරක් සමස්ත ශූරතාව හිමිකරගත් පළමු ක්‍රීඩකයා බවටද ඔහුපත්විය. 

ශ්‍රී ලංකා වරය අධිකාරියේ විරාන් රමේෂ් සමස්ත සවාරියේ දෙවැනි ස්ථානය ද නාවික හමුදාවේ නිහාල් සිල්වා තෙවැනි ස්ථානය ද හිමිකර ගනිමින් පිළිවෙලින් රුපියල් 500,000 සහ රුපියල් 300, 000 බැගින් ත්‍යාග මුදල් හිමිකර ගනු ලැබුවා.

මෙවර ‘Speed Up" කාන්තා  තරග අංශයේ පළමු ස්ථානය යුද හමුදාවේ බී.ඒ.එස්. දීල්හානි විසින්ද දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි විසින්ද තෙවැනි ස්ථානය යුද හමුදාවේ යූ.එන්.කුමාරසිංහ විසින්ද දිනාගත් අතර අදාළ ජයග්‍රහණ වෙනුවෙන්  ඔවුනට පිළිවෙලින් රුපියල් 100,000, රුපියල් 70,000 සහ රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග හිමිවුණි.

මෙම පාපැදි සවාරියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් අදාළ ත්‍යාග සහ කුසලාන ප්‍රධානය SLT සමුහයේ සභාපති පි.ජී කුමාරසිංහ සිරිසේන, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සවාරියේ සමස්ත පිරිමි කණ්ඩායම් ශුරතාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දීනාගනු ලැබීය. සවාරියේ කඳු නැගීමේ ශූරයා ලෙසින් වරාය අධිකාරියේ විරාන් රමේෂ් ද, වේග ධාවකයා ලෙසින් නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර ද, දක්ෂතම යොවුන්ක්‍රීඩකයා ලෙසින් නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුශංඛ ද රුපියල් 100,000 බැගින්වූ ත්‍යාග මුදල්දිනා ගනු ලැබුවා.
 
කාන්තා අංශයේ සමස්ත කණ්ඩායම් ශුරතාව ශ්‍රී ලංකා යුදහමුදාවට අයත්විය. යුද හමුදාවේ බී.ඒ.එස්දිල්හානි වේග ධාවිකාව ලෙසින් සම්මාන ලැබුවාය. තවත් යුදහමුදා නියෝජනයන්වූ යූ.එන් කුමාරසිංහ හොඳම යොවුන්ක්‍රීඩිකාව ලෙසින්ද වී.ඒ.ඒසඳමිණී කඳු නැගීමේශූරිය ලෙසින්ද රුපියල් 20,000 බැගින්වූ මුදල් ත්‍යාග හිමිකරගනු ලැබුවා.