Tuesday, May 14, 2024

General line - 0115112241

සෞදියට සිට රටේ දොරටු විවෘත කරන බව ඉරානය කියයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




විවෘත සාකච්ඡාවක් සඳහා සෞදියට සිය රටේ දොරටු විවර කරන බව ඉරානය පවසනවා. විදෙස් මාධ්‍යක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානයේ කථානායක අලි ලරිජානි පැවසුවේ සෞදිය සහ ඉරානය අතර සිදු කෙරෙන සාකච්ඡා තුළින් කලාපයේ ආරක්ෂාව සහ දේශපාලන ගැටලු රැසක් විසඳෙනු ඇති බවයි. 

කලාපීය අර්බුධය විසඳීම සඳහා ඉරානය සමග සාකච්ඡාමය විසඳුමකට එළඹීමට සූදානම් බවට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු මීට පෙර ප‍්‍රකාශ කළා.

ඉන් දින කිහිපයක් ඇතුළත ඉරාන කථානායකවරයා මේ බව පැවසීම විශේෂත්වයක්. ඉරානය සමග යුදමය කි‍්‍රයාමාර්ගයකට පිවිසීම ද සෞදියේ ඔටුන්න හිමිකුමරු එහිදී ප‍්‍රතික්ෂේප කළා. 

සෞදි අරාබිය තවදුරටත් සිය සමීපතමයා වන අමෙරිකාව මත පදනම්ව පමණක් කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවයි ඉරානයේ කථානායක අලි ලරිජානි සඳහන් කර ඇත්තේ. කලාපයේ අභිවෘද්ධිය උදෙසා මැදපෙරදිග අනෙකුත් රටවල් සමග ද සාකච්ඡා කිරීමට සිය රට සූදානම් බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.