Monday, December 2, 2024

General line - 0115112241

ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන්




මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇති රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබෙනවා.

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ 

එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනය සතු නවීන ත්‍රිමාන තාක්ෂනය භාවිත කරමින් මෙම රන් නිධිය සොයා ගැනීමට හැකියාව ලැබුණු අතර එහිදී ඩ්‍රිල් යන්ත්‍රය යොදා ගනිමින් විදිනු ලැබූ සෑම ගලකම පිරිසිඳු රත්තරන් හමුවූබව හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කරනවා

එහි ඇති රත්තරන් වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බවයි (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) එම කාර්යාංශය වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.

එසේම එම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවද එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා .

මීට පෙර ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකුනේ දකුණු අප්‍රිකාවේ ගැඹුරු පතලකින් හමුවූ මෙට්‍රික් ටොන් 930 ක පමණ වන රන් නිධියක් වනවා.