Wednesday, May 1, 2024

General line - 0115112241

"පොහොට්ටුව සමග සන්ධානගත වූයේ ඇයි?" චන්ද්‍රිකාගේ ප්‍රශ්නයට දයාසිරිගෙන් පිළිතුරු




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඊයේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ ප්‍රකාශයකට පිළිතුරු දුන්නා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පසුගිය දා ෆේස්බුක් සටහනක් තබමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරගෙන් සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර තිබුණා. 

නිදහස් පක්‍ෂය මෙලෙස සන්ධානගතවීමට තීරණය කළේ කෙසේද යන්න සම්බන්ධයෙනුයි එහිදී හිටපු ජනාධිපතිනිය විමසා තිබුණේ. මෙය පක්‍ෂය පාවාදීමක් ලෙසටද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් දක්වා තිබුණා.

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමෙන් කිසි ලෙසකින් හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බිද වැටීමකට ලක් නොවන බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් රටත් ආරක්‍ෂා වන පරිදි ප‍්‍රතිපත්ති 27 කට දෙපාර්ශවයම එකඟ වී ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණා.