Wednesday, May 1, 2024

General line - 0115112241

ප්‍රථම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සහය සජිත්ට




1988 ප‍්‍රථම පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමයේ සහාය ජනාධිපති ධූර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙම සංගමයට මන්තී‍්‍රවරුන් 74 දෙනෙකු අයත්. ඒ පිළිබද ජනාධිපති ධූර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට නිල වශයෙන් දැනුම් දුන් බවද පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමයේ කැදවුම්කරු කේ ඞී රත්නායක පැවසුවා.

මේ අතර  ජනාධිපති ධූර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ජයග‍්‍රහණයට සියළු දෙනා එක්වී සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඒ, කොළඹ ඊයේ පැවති ජන රැළියට එක්වෙමින්.

මෙම රැළියට එක් වූ අමාත්‍ය රාජිත සේනාරත්නද අදහස් පළ කළා.