Wednesday, May 1, 2024

General line - 0115112241

නිශ්ශංක සේනාධිපති නොවැම්බර් 08 දක්වා රිමාන්ඩ් 




කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබූ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ලබන නොවැම්බර් මස 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (17) නියෝග කරනු ලැබුවා.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ය.

එහිදී ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලා සිටිය අතර එම ඇප අයැදුම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙම නඩුව ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැදි හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ විභාග කෙරුණා.