උතුරු දිග සිරියාවේ කි‍්‍රයාත්මක කළ මෙහෙයුම් අත්හිටුවීමට තුර්කිය එකඟතාව පල කර තිබෙනවා.
ඒ, අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සහ තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩෝගන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව දින 5 ක කාලයක් මෙහෙයුම් අත්හිටුවා ආරක්‍ෂිත කලාපයක් ලෙස එම කලාපය ප‍්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
තුර්කිය සිරියාවේ උතුරුදිග කලාපයේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ එම කලාපයේ කි‍්‍රයාත්මක කුර්දි කැරලිකරුවන්ට එරෙහිවයි.