Friday, September 20, 2024

General line - 0115112241

වසර 10 000කට පෙරත් ‘ගංජා ‘ බීලා!



මීට වසර 10000කට පෙර ඈත අතිතයේ මිනිසා ගංජා පානය ආරම්භ කළ බවට සාධක ජර්මානු විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා.

ආසියාකරයේ හා යුරෝපාරයේ විසූ ගෝත්‍ර ගංජා භාවිතයට ගැනීම ආරම්භ කළේ එකම කාලයක යැයි පවසන ඔවුන් යුරෝපයේ ග්ලැසියර දියවීමට ආරම්භ වූයේද මේ සමයේ බව පවසනවා.

මොවුන් සිය අවශ්‍යතා සඳහා ගංජා වාගා කළ බවට සාධක හමුවී තිබෙනවා.

ගංජා පානයට අමතරව මෙම පැළයේ පෝෂණ කොටස් මෙන්ම මෙහි තන්තු ඇඳුම් නිර්මාණය කිරිම සඳහාත් ඔවුන් යොදාගනු ලැබූ බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මීට වසර 3000 පෙර ඇල්කොහොල් සොයාගැනීමට පෙර එකළ මිනිසා ගංජා පානයට හුරුවී සිටි බවත් ඔවුන් පවසනවා.

මෙම කාලය තුළදී ගංජා ශාකය ලොව පුරා විශාල වශයෙන් පැතිරී ගිය බවත් ඔවුන් පවසනවා.