Monday, May 6, 2024

General line - 0115112241

ඩිජිටල් තිරවල දැන්වීම් ප්‍රචාරය ඉල්ලා අධිකරණයට යයි

අධිකරණ වාර්තාකරු




ඩිජිටල් (LED) තිරවල සහ සිනමා ශාලා තුළ මැතිවරණයට අදාළ වෙළෙඳ දැන්විම් ප්‍රචාරය කිරීම වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කෙරුණා.

මෙම පෙත්සම ගොනු කරන පුද්ගලික සමාගමක් විසින්.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගෙන ඇති තීරණය නිසා නීත්‍යානුකූල ලෙසට සිදු කළ ව්‍යාපාර කටයුතුවලට අහිතකර ලෙසට බලපා ඇති බව පෙත්සම්කාර සමාගම පවසා සිටියි.

එබැවින් මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කාර සමාගම ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එම කොමිෂන් සභාවේ සාමජිකයන් නම් කර තිබෙනවා. 

එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවද පෙත්සම්කරු පවසා සිටියි.