Monday, May 6, 2024

General line - 0115112241

කළු සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම් පහළට




කළු ගගේ සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කළුගගේ මිල්ලකන්ද සහ අත්තනගලූ ඔයේ දූනමලේ යන ප‍්‍රදේශවල ජල මට්ටම් අද උදෑසන වනවිට අවදානම් තත්ත්වයේ පැවතුනා.

මේ වනවිට එම ස්ථානවල ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.