Thursday, May 16, 2024

General line - 0115112241

මැතිවරණ නීති කඩකල සරසවි සිසුන් 50 දෙනෙකු අත්අඩංගුවට




කොළඹ කොටුව ප‍්‍රදේශයේ විරෝධතාවක නිරත වූ සරසවි සිසුන් 50 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැතිවරණ සමය තුළ මෙවැනි විරෝධතා තහනම් බැවින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත මෙම සිසුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් ද එල්ල කළා.

මේ හේතුවෙන් කොළඹ කොටුව අවට ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද පැවති බවයි පොලීසිය සඳහන් කළේ.