Sunday, April 28, 2024

General line - 0115112241

සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ විශේෂ කරුණු 20 ක්




නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මහනුවර ක්වීන්ස් හෝටලයේදී අද එළිදැක්වුණා.

‘‘සජිත්  සමාජ විප්ලවය’’ ලෙස නම් කර ඇති මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද පෙරවරුවේ ප‍්‍රථමයෙන් පිළිගැන්වූයේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් වෙතයි. 

ඉන් අනතුරුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මහනුවර ක්වීන්ස් හෝටලයේදී එළිදක්වනු ලැබුවා.

මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකසා ඇත්තේ විශේෂ කරුණු 20ක් ඔස්සේයි.

විශ්වීය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක්, විශ්වීය සෞඛ්‍ය ආරක්‍ෂාවක්, ආගමික අන්තවාදය සහ ප‍්‍රචණ්ඩත්වය නොඉවසන ප‍්‍රතිපත්තියක්, මත්ද්‍රව්‍ය සහ දූෂණ නොඉවසන ප‍්‍රතිපත්තියක් යන කරුණුද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස විසින් අද එළිදැක්වූ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත්.

සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමෙන් අනතුරුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙලෙස උත්සව සභාව ඇමතුවා.
 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස.

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලද මෙහිදී අදහස් පළ කළා.