Sunday, May 5, 2024

General line - 0115112241

කැබ් රථයක් සොරාගත් අයෙකු මිනුවන්ගොඩදී අත්අඩංගුවට




ගම්පහ අධිකරණය ආසන්නයේ නවතා තිබියදී සොරාගන්නා ලද කැබ් රථයක් සහ එම සොරකමට සම්බන්ධ සැකකරු මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වේයන්ගොඩ යහකටුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිදුකළ රථ වාහන පරීක්‍ෂාවකදීයි.

එම අවස්ථාවේ අදාළ කැබ් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලීසිය කැබ් රථය පිටුපස හඹා ගොස් එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මීට පෙර මීගමුව ප්‍රදේශයේ සිදුවූ ලොරි රථ සොරකමකටද සම්බන්ධ අයෙකු බවටයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.