Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට 6 වන ණය වාරිකය මුදා හැරීමට IMF අනුමැතිය




ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන දිර්ඝ කාලින ණය පහසුකම යටතේ එහි 6 වන වාරිකය මුදා හැරිමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තිරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සිදු කල සමාලෝචනයේදි ඊට අදාල කරුණු මෙන්ම ආර්ථික සුදුසුකම් සපුරාලිමට ශ්‍රී ලංකාව සමත්විම හමුවේ මිලග ණය වාරිකය මුදා හැරිමටයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තිරණය කර ඇත්තේ. 

ඒ අනුව 6 වන ණය වාරිකය ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදා හරින ණය මුදලේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 164 ක්.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව  ශ්‍රී ලංකාවේ ආර්ථිකය යලිත් ප්‍රකෘති තත්ත්වයට පැමිණෙමින් ඇති බවයි එම අරමුදලේ විධායක කමිටුව සිදු කල සමාලෝචනයෙන් අනාවරණ වි ඇත්තේ. 

සංචාරකයින්ගේ පැමිණිම සහ අනෙකුත් අංශයන් යලි ස්ථාවර වෙමින් ඇති බැවින් මේ වසරේ දැනට පවතින සියයට 2.7ක ආර්ථික වර්ධනය ලබන වසර වන විට සියයට 3.5ක් දක්වා වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති මිට්සුහිරෝ ෆුරුසාවා ප්‍රකාශ කර සිටියේ.

මෙම දිර්ඝ කාලින ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 1.31 ක් ලබා දිමට ජාත්‍යන්තර අරමුදල එකගතාව පල කලේ 2016 වසරේ ජුනි 3 වනදායි.