Sunday, May 5, 2024

General line - 0115112241

15 හැවිරිදි දරුවෙක් පැදවූ වාහනයක ගැටීමෙන් ළමුන් දෙදෙනෙක් ජිවිතක්ෂයට 




15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක ගැටීමෙන් වීරකැටිය, තංගල්ල මාර්ගයේ දී  ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියි. 

අනතුරින් බරපතල තුවාල ලැබු මව සහ දරුවන් දෙදෙනා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී දැරිය මියගොස් ඇති අතර මව සහ පිරිමි දරුවා යලි මාතර රෝහලට ඇතුළත් කිරීමේදී පිරිමි දරුවා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරෙන් මිය ගොස් ඇත්තේ 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙක්. 

මෝටර් රථය පැදවූ බව කියන 15 හැවිරිදි දරුවා සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.