Sunday, April 28, 2024

General line - 0115112241

අධිකරණයක් අසළ පිහි ඇණුමක්

ජයන්ත වීරසේකර




වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ප්‍රදේශයේ දී ඊයේ (5) පස්වරුවේ දී තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බව වැල්ලවාය පොලිසිය පැවසුවා. 

ඊයේ දහවල් නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පැමිණි පුද්ගලයකු නීතිඥ වරයෙකුගේ කාර්යාලයේ රැඳී සිටින අවස්ථාවේ දී මෙම සිදු වීම ඇති වී තිබෙනවා.

මෙලෙස පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි පුද්ගලයකු බව වැල්ලවාය පොලිසිය සඳහන් කළා.

පහරදීමට හේතුව අනියම් සම්බන්ධතාවක් බවට මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

පහරදීම සිදු කළ 61 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයා වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (06) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.