Thursday, May 16, 2024

General line - 0115112241

ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම




2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා.

හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු රැස්වීමට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වුවා.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව ජුලම්පිටිය අමරේ පසුව පොලිසිය භාරවීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.