Monday, May 6, 2024

General line - 0115112241

පළිගැනීමට ලක්වූ රජයේ සේවකයින් ගැන සලකා බැලීමට විශේෂ කමිටුවක්




පසුගිය කාල සීමාවේදී රජයේ නිලධාරීන්ට සහ ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධව ගනු ලැබූ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් යලි සලකා බැලීමට ඉදිරි සති කිහිපයේදී විශේෂ කොමිසන් සභාවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ඉදිරියේදී රජයේ සේවකයින් ගනු ලබන තීන්දු තීරණ වෙනුවෙන් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා විශේෂ අණපනත් ගෙන ඒම සඳහා රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ හේතුවෙන් රටේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් රජයේ නිලධාරීන් කිසිදු බියකින් තොරව ඉදිරියට පැමිණ සිය දායකත්වය සපයන ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී ප්‍රකාශ කර සිටියා.